ආපදාවට ලක්වූ පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍ය ආධාර ලබාදීම ඇරඹෙයි

ආපදාවට ලක්වූ පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලේ  මූල්‍ය ආධාර ලබාදීම ඇරඹෙයි
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රු 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ කර ඇත.

ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර රජයෙන් ලබා දුන් රු 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ සඳහන් කළ ආපදාවට ලක්වු සෑම පාසල් සිසුවෙකුටම රු 25,000ක මූල්‍ය ආධාරය හිමි වනු ඇත.