2025 ජාතික ශිෂ්‍යභට බලකා ක්‍රීඩා උත්සවය 2026 ජනවාරි 17 සහ 18 යන දෙදින යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවට එක්වෙමින්ය. මෙම ක්‍රීඩා උත්සවය 2019 වසරෙන් පසුව පැවැත්වෙන පළමු අවස්ථාව වන අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණද, රට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එය 2026 ජනවාරි මාසයට කල් දැමීමට සිදු වූ බවද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය. කොළඹින් පිටත මෙම ක්‍රීඩා උත්සවය පැවැත්වීම දරුවන්ට හොඳ අවස්ථාවක් වන අතර, විවිධත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මෙය මහත් උපකාරයක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.


