දිස්ත්‍රික්ක දෙකකට බල පැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (07) නිකුත් කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට මෙලෙස ඉවත්වන ලෙස දැනුම් දෙන රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සවිධානය අවධාරණය කරයි.
තවද බදුල්ල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට නායායම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත් එම සංවිධානය දැනුම් දෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය , මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව , නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත ජීවත් වන ජනතාව නායයාම් පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු වේ.


