Rebuilding Sri Lanka අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනමෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනමෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනම වෙතින් රුපියල් මිලියන 10මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ඊට අදාළ චෙක්පත ඉන්දියානු මහා බෝධි පදනමෙහි මෙරට නියෝජිතයින් වන අනගාරික ධර්මපාල භාරයේ සභාපති සුධම්මික හේවාවිතාරණ,  අමිත විජේසේකර යන මහත්වරු විසින්  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා  (05)  පිරිනමනු ලැබූහ.