ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රධානය කර ඇත.
වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් S.S. රණසිංහ , කළමණාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර, උප සභාපති හේරත් ජයවර්ධන යන මහත්වරුන් අදාල චෙක්පත මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් වෙත භාර දෙනු ලැබූහ.
මීට පෙර අවස්ථාවකදී රුපියල් බිලියන 02 ක් ප්‍රධානය කර තිබු අතර අද දිනයේ ඉතිරි රුපියල් බිලියන 03 ප්‍රධානය කෙරුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
2025 වසර තුල වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගැනීමෙන් නොවැම්බර් මස 30 වන දා වන විට වරාය අධිකාරිය රුපියල් මිලියන 44110ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබීම, මෙම මුදල ප්‍රධානය කිරීමට විශාල පිටුවහලක් වී ඇත.
මෙම අවස්ථාවේදී ඒ සඳහා දායක වුණු වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශවයන්ට වරාය අධිකාරියේ සභාපතිවරයා ස්තුතිය පුද කරනු ලැබුවේය.


