දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට eMarketingEye (Pvt) Ltd ආයතනය වෙතින් රුපියල් මිලියන 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
ඊට අදාළ චෙක්පත eMarketingEye (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී රජිත දහනායක මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (31) පිළිගැන්වීය.
eMarketingEye (Pvt) Ltdහි ඩිජිටල් අලෙවි අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුසලිකා බස්නායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති (Web solutions) සුරංග රාජකරුණා, උප සභාපති (මෙහෙයුම්) මහේෂි රණසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වූහ.


