සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය 2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් පවත්වන නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (01) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නව වසර සඳහා රාජ්‍ය සේවා ප්‍රතිඥා ලබාදීම ද සිදු කරන ලදි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, අංශ සහ ඒකක නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රථමයෙන්ම සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වූ අතර, අනතුරුව රැස්වීමේ කටයුතු ආරම්භ විය.
උදා වු නව වසර රට සම්බන්ධයෙන් නව බලාපොරොත්තු සහිත වසරක් බවත්, පසුගිය වසර විශ්වාසය සහ ස්ථාවරත්වය සම්බන්ධයෙන් තීරණාත්මක වසරක් වූ බවත් උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා විශ්වාස බිඳ වැටුණු, වෘත්තීය ජිවිතය සම්බන්ධයෙන් පවා අවිනිශ්චිතතාවයක් පැවති කාලයක සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගැනීමට ලැබුණු බවත්, 2025 වසරේ දී බොහෝ කටයුතු සැලසුම් කරමින් හා ක්‍රියාත්මක කරමින් ජයග්‍රහණ රැසක් ලබාගත හැකි වූ බවත් සිහිපත් කළේය. එහිදී නිලධාරීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල එක්ව හා මනා කැපවීමකින් යුතුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශක්තිමත් පදනම, අත්තිවාරම, අඩිතාලම නිර්මාණය කර ඇති බැවින් දැන් තිබෙන්නේ ඒ මත ශක්තිමත්ව බිත්ති බැදීම හෙවත් අනෙකුත් කටයුතු ඉටු කිරීම බව ද මෙම තත්ත්වයට පත් කර ගැනීම පිළිබඳ ලැබිය යුතු සියලු ගරුත්වය අමාත්‍යාංශයේ සියලු දෙනාටම හිමිවන බව ද පැවැසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.


