විගමනික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට Smart Call Center Complaint & Workflow System නව දුරකථන පද්ධතියක්

විගමනික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට Smart Call Center Complaint & Workflow System නව දුරකථන පද්ධතියක්
  • SocialShare:

විගමනික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩා කාර්යක්ෂම, වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් “Smart Call Center Complaint and Workflow System” නමින් නව දුරකථන ඇමතුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

මෙම නව පද්ධතිය ජනගත කිරීම ඊයේ(01)  වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

සේවාලාභීන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, කාර්යක්ෂම හා පහසු ලෙස තොරතුරු ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2011 වසරේ අගෝස්තු මාසයේදී 24 පැය පුරා ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

නව Smart Call Center Complaint and Workflow System හඳුන්වාදීමත් සමඟ විගමනික ශ්‍රමිකයන්ගේ පැමිණිලි, ඉල්ලීම් හා ගැටලු වඩා සංවිධානාත්මකව, වේගවත් ලෙස සහ විශ්වාසනීය අයුරින් විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.