‘Rebuilding Sri Lanka’ අරමුදලට කඳුරට මලෛයිගම් ජනතාවගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට කඳුරට මලෛයිගම් ජනතාවගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඊට අදාළ චෙක්පත මලෙයිගම් ජනතාව නියෝජනය කරමින් இரத்தினபுரி உதவும் கரங்கள் அமைப்பு ( රත්නපුර උපකාරක දෑත්) සංගමයේ උප සභාපති එස්. දයාලන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, එම සංගමයේ ලේකම් ආර්. මනෝහරන්, කාන්තා සංවිධායිකා ජී. මනෝරංජිදම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් එස්. ශිවනේෂන් යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.