“ජාතික සුරක්ෂිත දිනය” පෑරැලිය සුනාමි ස්මාරකය අභියසදී

“ජාතික සුරක්ෂිත දිනය” පෑරැලිය සුනාමි ස්මාරකය අභියසදී
  • SocialShare:

මෙවර “ජාතික සුරක්ෂිත” දින ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) පෙ.ව 8.30 සිට පෙ.ව 11.00 දක්වා ගාල්ල “පෑරැලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම වැඩසටහන සරළව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදා හේතුවෙන් මියගිය, අතුරුදන් වූ රටේ සියලු පුද්ගලයින් සිහිපත් කරමින් මෙම සැමරුම පවත්වයි.

ජාතික උත්සවයක් ලෙස සළසා 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය තෙක් අඛණ්ඩව සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26වැනිදා ජනතා සහභාගීත්වයෙන් මෙම සැමරීම සිදු කෙරේ.