බිඳවැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

බිඳවැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
  • SocialShare:

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවත් මේ වනවිට වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විදුලි වැට ආරක්ෂක සේවකයික් බිඳ වැටුනු විදුලි වැටවල් 50% ක් පමණ ප්‍රතිසංස්කරණය ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වනජීවී කලාපවල සිදු වු හානිය පිළිබඳව අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වනජීවි දෙපාර්තමේන්තුව ගණන් බැලීමේදී රුපියල් මිලියන 148කට ආසන්න ප්‍රමාණයක අලි වැටවල් හානි වී ඇතැයි කී අමාත්‍යවරයා, මේ වනවිට වනජීවි දෙපාර්තමේන්තුව සතුව කිලෝ මීටර 5700ක විදුලි වැටවල් ප්‍රමාණයක් ඇති බවත් එයින් කිලෝමීටර 838ක ඇති  විදුලි වැටවල් 148ක් සහ  මුරකුටි සළකිය යතු  ප්‍රමාණයක් හානි වී ඇතැයි ද පැවසුවේය.

ඉදිරි සතිය ඇතුළත විදුලි වැටවල් ප්‍රතිසංස්කරණ කිරීමත් ,අලි මිනිස් ගැටුම යම් ප්‍රමාණයකට කළමණාකරනය කිරීමත් සහ හොඳ සක්‍රීය විදුලි වැටක් සැකසීමත් සිදු කරන බව පැවසුවේය. ඊට අවශ්‍ය සහය යුද හමුදාව, වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් , විදුලි වැට ආරක්ෂක සේවකයින්,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශයේ ප්‍රජාවගෙන් ලබා ගන්නා බවද පැවසීය.

පරිසර පද්ධතියට වූ හානිය කළමණාකරනය කර ගැනීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බවත් බිඳවැටුනු පාරිසරික පද්ධති යථාවත් කිරීමට සැමගේ සහය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.