ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීමට BP-5 අතිරේක ආහාර පෙට්ටි 1500ක්

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීමට BP-5 අතිරේක ආහාර පෙට්ටි 1500ක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට සූදානම් කළ BP-5 අතිරේක ආහාර පෙට්ටි 1500ක් යුනිසෙෆ් සංවිධානය ඊයේ (23) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය විසින් මෙම හදිසි පෝෂණ සැපයුම් නිල වශයෙන් භාර දෙන ලදී.

නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල සහ කිලිනොච්චි ඇතුළු අවතැන් වූ පවුල් සිටින සහ මන්දපෝෂණයේ වැඩි අවදානමක් ඇති කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශ වල ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්ක 19 කට BP-5 අතිරේක ආහාර බෙදා හැරීමට සැලසුම් කර ඇත.