උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර දුම්රිය සේවාවක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර දුම්රිය සේවාවක්
  • SocialShare:

නත්තල් උත්සවය , පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ අනුව, අද (24) ප.ව 3.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට යොදවා ඇත. එම විශේෂ දුම්රිය 2025.12.29 (සඳුදා) මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව 5.00ට කොළඹ කොටුව දක්වා ධාවනය කීරිමටත් පෙ.ව 8.30 ට කොළඹ කොටුවට ලගා වීමටත් සැළසුම් කර ඇත.

තවද කොළඹ කොටුව සිට කන්කසන්තුරය නගරාන්තර දුම්රිය 2025.12.25 සහ 2025.12.28 දිනවල ධාවනයට සැළසුම් කර ඇත.මෙම දුම්රියේ පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09ක් ඇත.