වෙළඳපොළේ ඇති වූ තාවකාලික LP ගෑස් සිලින්ඩර් හිඟය සම්බන්ධයෙන් භීතියට පත්ව අධික මිලදී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය නොවන බව Litro Gas Lanka Limited සමාගම ජනතාවට දැනුම් දෙයි.

වෙළඳපොළේ ඇති වූ තාවකාලික LP ගෑස් සිලින්ඩර් හිඟය සම්බන්ධයෙන් භීතියට පත්ව අධික මිලදී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය නොවන බව Litro Gas Lanka Limited සමාගම ජනතාවට දැනුම් දෙයි.
'ක්ලීන් ශ්‍රී ලංකා'ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සමනොළ සිරි - හරිත වන්දනා ජාතික වැඩසටහන යටතේ සිරිපා පුදබිමේ ඉහළ මළුවේ ඉතා දුෂ්කර ස්ථානවල ගොඩගැසී පැවති කසළ තොග ඉවත් කිරීමේ විශේෂ බලකා මෙහෙයුමේ දෙවන අදියර ලෙස ශ්‍රී පාද පූජා භූමියට නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්‍රීතව සිදු කෙරෙන එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය.
ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකේහිකෝ මත්සුවෝ (Takehiko Matsuo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජපාන දූත පිරිසක්, පසුගියදා (17) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සුවතාවය උදෙසා පවත්වන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් වැඩසටහනක් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වුණි.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් නවදිල්ලි නුවරදී පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර, ජනපති අද(19)එම සමුළුව ඇමතීමට නියමිතය.
මෙරට දැවැන්තම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන “Expo 2026” ජුනි මාසයේ කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මෙම දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජුනි 18 සිට 21 දක්වා Bandaranaike Memorial International Conference Hall (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රජයේ නිලධාරීන් වෙනුවෙන් කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ සතිඅන්ත කෙටි පාඨමාලාවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
රුපියල් මිලියන 556ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ශ්‍රී ලංකා පොලීසිය වෙත නවීන වේගමාපක උපකරණ, පරිගණක හා මුද්‍රණ/ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ නිල වශයෙන් ලබා දීම අද (18) මහජන ආරක්ෂක හා පාර්ලිිමේන්තු කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට PIOTEX GLOVES PVT සමාගම සහ සේවක සුබසාධක සංගමය විසින් රු. 2,112,000ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ ලියාපදිංචි ගොවි සංවිධාන විසින් රුපියල් 3,746,000ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීව
අද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනයන්හිදී හමු වීම් රැසකට එක් වීමට නියමිතය.
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන මඟින් සසුන්ගත වූ භික්ෂූන් වහන්සේලාගේ නිවසක් නොමැති දෙමාපියන් සඳහා සුවපහසු, අංගසම්පූර්ණ නිවසක් ඉදිකිරීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.