ජාතික පාසල් සඳහා ගුරුවරු බඳවා ගැනීමට අදාළ නඩු තීන්දුවේ සඳහන් දිනය වෙනස් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය සලකා බලා අලුත් ගැසට් එකක් නිකුත් කරනු ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට රජයක් ලෙස ශක්තිමත් පියවර ගනිමින් තිබෙන බවද ඒ සඳහා මේ රටේ සියලු ජනතාවගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය වන බවද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි.
බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණින්, පැවිදි බිමට දරුවන් එක් කර ඇති ආර්ථික දුෂ්කරතා ඇති නිවසක් අහිමි දෙමාපියන්ට නව නිවාස ඉදිකර දීම සඳහා “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025–2030) යටතේ රාජ්ය සේවා නවීකරණය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ශ්රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා World Bank Group වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන SDR අරමුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකාවේ අධ්‍යාපන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා කැනඩාවේ සහාය ලබාදෙන බව ශ්රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය සඳහන් කරයි.
එක්සත් රාජධානියේ නියෝජ්ය අග්රාමාත්ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සඳහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ශ්රී ලංකාවට පැමිණියේය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (16) සිය 51 වන සංවත්සරය සමරනු ලැබීය.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් අද (2026 පෙබරවාරි 17) පෙරවරුවේ ශ්රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස, ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කර තිබේ.
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද(17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
දිවයිනේ සෑම ප්‍රදේශයකම සැලකිය යුතු අස්වැන්නක් ලැබෙමින් පවතින අතර වී මිලදී ගැනීම සදහාත් සියලු කටයුතු සූදානම්ව පවතින බවද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා සදහන් කරයි.


