ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, "බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, "බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හි පුරප්පාඩු තනතුරු 188ක් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිවිල් ගුවන්සේවා අධිකාරිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ද එක්විය.
හින්දු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන්, මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල හි අද(15) පැවති විශේෂ ශිව පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්යහරිනි අමරසූරිය සහභාගී වූවාය.
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇතැයි එම ආයතනය නිවේදනය කරයි.
තිරසාර ආයෝජන අවස්ථා පුළුල් කරමින් ස්ථාවර හා විනිවිදභාවයෙන් යුතු ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
කොළඹ Shangri-La Hotel Colombo හි පසුගියදා(13) පැවති CEO’s Pearl of the Indian Ocean: Sri Lanka වැඩසටහනට සමගාමීව පැවති සැසියකදී ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ (CEO) සාමාජිකයින් අමතා ඇය මේ බව සඳහන් කළාය.
රටවල් 60 කට අධික සංඛ්‍යාවක විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන ගෝලීය ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත මෙම සංවිධානය හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ව්‍යුහාත්මක පරිවර්තනයක් සහ විනිවිදභාවයෙන් යුතු, සියල්ල ඇතුළත් වර්ධනයක් මත පදනම්ව ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.
පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී ඇත.
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන ලද “ මම මට ආදරෙයි 2026 ” - සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය ජනගත කිරීමේ උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී අද (14) පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මන්නාරම දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.