ඉන්දියා–පාකිස්තාන ක්‍රිකට් තරඟය නැරඹීමට ජනපති එක්වෙයි

 ඉන්දියා–පාකිස්තාන ක්‍රිකට් තරඟය නැරඹීමට ජනපති එක්වෙයි
  • SocialShare:

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ද එක්විය.

එහිදී මොහ්සින් නක්වි මහතාද ජනාධිපතිවරයා සමඟ තරගය නැරඹීමට එක්ව සිටියේය. ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලය සභාපතිවරයා මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක සභාව සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.