ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හි පුරප්පාඩු තනතුරු 188ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිවිල් ගුවන්සේවා අධිකාරිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ආරක්ෂක නිලධාරී තනතුරු 97ක්, ගුවන්තොටුපළ සේවා සහායක තනතුරු 28ක්, කාර්මික නිලධාරී තනතුරු 29ක්, කළමනාකරණ සහකාර තනතුරු 31ක් ඇතුළු තනතුරු 188ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් සහ වැඩ බලන සභාපති ඩ්බ්.ඩ්බ්.එස් මංගල මහතා, අමාත්‍යාංශ නිලධාරීන් සහ පත්වීම් ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අලුතින් පත්වීම් ලැබූ සියලු දෙනාට සුභ පැතුම් පිරිනමමින්, සමාගමේ ප්‍රමිතීන්ට අනුකූලව කාර්යක්ෂම සේවයක් ලබාදීමට එක්වන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.


