ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන නැවත ගොඩනැංවීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය කේන්ද්‍ර කරගත් වැඩසටහන ඊයේ (19) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පරිශ්‍රයේ දී ආරම්භ විය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වතු ආශ්රිත පාසල්වල සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ එක්ව කටයුතු කරන ලෙසත්, පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කුසලතා ඇති, සදාචාරාත්මක සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ එය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පෙළගැස්වීමට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවයළි ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට Doosan Bobcat India Pvt Ltd වෙතින් රුපියල් මිලියන 22ක් වටිනා B760 වර්ගයේ බැකෝ ලෝඩර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ‘Rebuilding Sri Lanka’ අරමුදලට Automobile Association of Ceylon විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම මහෝත්සවය වසර නවයකට පසු මෙවර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමිපාණක් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස උපසම්පදා භික්ෂූන් වහන්සේගේ යුගයේ අවශ්‍යතාව පිළිගෙන ඊට රාජ්‍ය අනුගහය දැක්වීම පිළිබඳව රජයට ප්‍රශංසා කරන බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමිපාණෝ පවසති.
නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බදවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද “Rebuilding Sri Lanka” අරමුදල වෙත පරිත්‍යාගයක් ලෙස ලබාදීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.