ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද “Rebuilding Sri Lanka” අරමුදල වෙත පරිත්‍යාගයක් ලෙස ලබාදීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත රුපියල් 1,405,200.41 කින් යුත් ඉහත මුල්‍ය පරිත්‍යාගය නිල වශයෙන් බාරදීම සිදු කෙරුණේ ශ්‍රී ජයවර්ධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙනි.
සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා සහය දැක්වීමක් ලෙස මෙම ප්‍රදානය සිදු කරනු ලැබූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන ආපදා කළමණාකරණ කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව සාක්ෂාත් කර ගැනීමට මෙම පරිත්‍යාගය උපකාරී වනු ඇති බව ශ්‍රී ජයවර්ධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පෙන්වා දෙන ලදි.
අපදා තත්ත්වයෙන් පසු ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල සඳහා ආදර්ශයක් ද සපයමින් සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ලබාදුන් මෙම මූල්‍ය පරිත්‍යාගය මෙහිදී ඇගයීමට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අභියෝග හමුවේ අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සහ එම සේවාවන් ශක්තිමත් කිරීමේ මුලපිරීම් සඳහා මෙවැනි පරිත්‍යාග සහාය වන බව ද අවධාරණය කරන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එෆ්.ආර් පීරීස්, විශේෂඥ වෛද්‍යවරුන් වන පී.ජේ.අඹවත්ත, ජගත් මල්ලව, සමස්ත ලංකා සුවසේවා සංගමය නියෝජනය කරමින් චන්දන ජයලත්, සමස්ත ලංකා හෙද සංගමය නියෝජනය කරමින් සම්පත් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.


