Mas සමූහයට අයත්, තුල්හිරිය MAS ෆැබ්රික් පාක් හි පිහිටා ඇති මෙත්ලිය කර්මාන්තශාලාවේ කිසිදු සේවකයෙකුට රැකියා අහිමිවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.

Mas සමූහයට අයත්, තුල්හිරිය MAS ෆැබ්රික් පාක් හි පිහිටා ඇති මෙත්ලිය කර්මාන්තශාලාවේ කිසිදු සේවකයෙකුට රැකියා අහිමිවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාරක සහ හදුන්ගමුව උප තැපැල් කාර්යාල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) ජනතා අයිතියට පත් කෙරිණි.
ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ මෙම වසරේ නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිත අතර හෙට (25) පවුල් 1500කට නිවාස 1500ක් ඉදිකර ගැනීම සදහා රුපියල් මිලියන 1500ක චෙක්පත් බෙදාදීම දිස්ත්‍රික්ක 13කදී ආරම්භ වන බව නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා මහජන පැමිණිලි සහ තොරතුරු ලබා ගැනීමේ කාලය 2026 මාර්තු 16 වනදා දක්වා දීර්ඝ කර ඇත.
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය.
මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) දින සිට මඩකලපුව දක්වා යළි ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එම දුම්රිය අද පස්වරු 07ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතය.
ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ මෙම වසරේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
“හිමිකම” ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන එළඹෙන පෙබරවාරි 27 වැනිදා ප.ව. 2.00 ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා පැවසීය.
රුපියල් මිලියන 14.70ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ අභිනවයෙන් ඉදිකළ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අද (22)ජනතා අයිතියට පත් කෙරිණි.
මෙරට දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්රවලට අදාළ පැරණි නීති හා අණපනත් නැවත සලකා බලා, කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
නවීන තාක්ෂණය භාවිත කරන අතරම, අන්‍යයන්ට ගරු කරන විනයගරුක සහ බුද්ධිම ත්බාලදක්ෂයෙකු ලෙස සමාජයට සේවය කළ යුගු බව අග්‍රාමාත්‍ය ආචාරිය හරිනි අමරසූරිය පැවසුවාය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.