පැරණි නීති හා අණපනත් සංශෝධනයට රජයේ තීරණය – රාජ්‍ය පරිපාලන අමාත්‍ය

පැරණි නීති හා අණපනත් සංශෝධනයට රජයේ තීරණය – රාජ්‍ය පරිපාලන අමාත්‍ය
  • SocialShare:

මෙරට දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ පැරණි නීති හා අණපනත් නැවත සලකා බලා, කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව  රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමිනි. එම වැඩසටහන පසුගියදා (20) කොළඹ Cinnamon Lakeside Colombo හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එය United Nations Development Programme (UNDP) හි පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක විය.

අමාත්‍යවරයා පැවසුවේ, බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා පවා දිවෙන පැරණි නීති පද්ධති අද ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන කළ යුතු බවයි. එසේම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන භාරය තහවුරු කරමින් මහජන හිතකාමී සේවාවක් සැපයීම මෙම නීති ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බවද සඳහන් කළේය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර, විවිධ ක්ෂේත්‍ර 13ක් නියෝජනය කරන උපකමිටු මඟින් ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

 අනාගත පරපුරට ස්ථාවර හා සාධාරණ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම නීති සංශෝධන යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.