රුපියල් මිලියන 14.70ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ අභිනවයෙන් ඉදිකළ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අද (22)ජනතා අයිතියට පත් කෙරිණි.
2025 සැප්තැම්බර් 04 දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇත. නව ගොඩනැගිල්ල මඟින් ගලේවෙල හා අවට ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,තැපැල්පති රුවන් සත්කුමාර මහතා, නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත) එම්.එච්.එම් අස්ලම්, ගලේවෙල තැපැල් ස්ථානාධිපති දම්මි ඉසංකා කුමාරි ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, තැපැල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.


