All Stories

ආපදාවට පත් කර්මාන්ත සඳහා තිරසර මූල්‍ය යාන්ත්‍රණයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතටපත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යාපාර වෙනුවෙන්  තිරසාර සහ මූල්‍යමය වශයෙන් වගකිවයුතු මූල්‍ය යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) ධූත පිරිසක් 2026 පෙබරවාරි 16 සිට 20 දක්වා මෙරට සංචාරයක් සඳහා එක්වුණි.

ආපදාවට පත් කර්මාන්ත සඳහා තිරසර මූල්‍ය යාන්ත්‍රණයක්

ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය.

ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

2025 වසරේදී ජාතික උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

2025 වසරේ ජාතික උද්භිද උද්‍යානයන් හි උද්භිද විද්‍යාත්මක ආකර්ෂණයන්ගෙන් ලැබෙන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ අතර එය රු.බි. 1.394 ක් වන බවට ජාතික උද්භිද උදයාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2025 වසරේදී ජාතික උද්භිද උද්‍යාන  ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර

ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර

බෞද්ධ දර්ශනය හැදැරීම ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

බෞද්ධ දර්ශනය, භාෂාව ඇතුළු පෙරදිග දර්ශනය, විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය තානාපති කාර්යාල හා විදේශීය විශ්වවිද්‍යාල ඔස්සේ සාකච්ඡා ආරම්භ කරමින් සිටින බවත්, දේශීය විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යයනය ඇතුළු මානව හා ශාස්ත්‍රීය විෂයන්ට අදාළ, විෂයානුබද්ධ ගවේෂණ හා පර්යේෂණ කිරීමට පරිසරයක් සකස් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

බෞද්ධ දර්ශනය හැදැරීම ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස පිරිනැමේ

වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික වැඩසටහන යටතේ නිවසක් ඉදිකර ගැනීමට කිසිඳු මූල්‍ය හැකියාවක් නොමැති  දුප්පත් පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ දීපව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. වැඩ නිම වූ නිවාස ජනතා අයිතියට පවරා දීම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැගීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ විණි.

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස පිරිනැමේ