උතුරු පළාත තුළ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම ඇරඹේ

උතුරු පළාත තුළ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම ඇරඹේ
  • SocialShare:

උතුරු පළාත තුළ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක මහතා පවසයි.

 

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ  පසුගියදා (19) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ක්ෂේත්‍රය වර්ධනය කිරීම තුළින් උතුරු පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධනයට නව අවස්ථා විවර වන බවයි.

සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳව උතුරු පළාත තුළ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගුවන්යානා අලුත්වැඩියා ඉංජිනේරු වෘත්තිය සහ පයිලට් වෘත්තිය වැනි ක්ෂේත්‍රයන්ට යොමුවීමට තරුණයින් උනන්දුවක් දක්වන නමුත් ඒ සඳහා යායුතු මාර්ග පිළිබඳ අවබෝධය අඩුවීම ගැටළුවක් බවයි.

දකුණු ආසියාව තුළ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් සහ ගුවන් සේවකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එම ඉල්ලුම සපුරාලීමට සුදුසුකම් ලත් පිරිස් සූදානම් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරි වසර දහය තුළ ගුවන්සේවා ක්ෂේත්‍රය තුන් ගුණයකින් පමණ ප්‍රසාරණය වීමට නියමිත බව  මෙම අවස්ථාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

එම ඉල්ලුමට සරිලන ලෙස ගුවන්සේවා අධ්‍යාපන ආයතන පුළුල් කිරීමේ සැලසුම් පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.