ශ්‍රි ලංකා වනජීවි ඉතිහාසයේ ප්‍රථම වතාවට වනජීවි ක්ෂේත්‍ර නිළධාරීන්ට සඳහා පදක්කම් ප්‍රදානය කිරීම හෙට (21) පෙරවරුවේ පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේ ජාතික වනජීවි පුහුණු හා පර්යේෂණ කෙන්දුයේදී සංකේතාත්මකව පැවැත්වීමට නියමිතය.
වනජීවි ක්ෂේත්‍ර නිළධාරීන් 30 දෙනෙක්ගේ සේවා කාලය සහ වනජීවි ක්ෂේත්‍රය පිළිබඳව ලබාගත් අධයාපන නිපුණතාවයන් ඇගයීමට ලක්කරමින් රන්,රිදී,ලෝකඩ ආලේපිත පදක්කම් පැළඳවීමද සැළසුම් කර ඇත.
වනජීවි ක්ෂේත්‍ර නිළධාරීන්ගේ කැපවීම ක්ෂේත්‍ර නිපුණතාව,න්‍යායාත්මක පුහුණුව,ක්ෂේත්‍ර කාර්යසාධනය ,විනය,විශේෂ මෙහෙයුම් සඳහා ඇති කැපවීම ආදිය සැළකිල්ලට ගනිමින් ඉදිරියේ දී මෙවැනිම පදක්කම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
වනජීවී නිළධාරීන් දිවි පරදුවට තබා ආරක්ෂා කළ වනජීවී සම්පත සුරක්ෂිත කිරීම සඳහා වනජීවී නිළධාරීන්ගේ උද්යෝගය සහ කැපවීම ඉහළ නංවනු වස් මෙම පදක්කම් ප්‍රදානය සිදු කරනු ලබයි.


