වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික වැඩසටහන යටතේ නිවසක් ඉදිකර ගැනීමට කිසිඳු මූල්‍ය හැකියාවක් නොමැති දුප්පත් පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ දීපව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. වැඩ නිම වූ නිවාස ජනතා අයිතියට පවරා දීම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැගීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ විණි.
මෙයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත් වන අඩු ආදායම් පවුල් කිහිපයක් සඳහා නව නිවාස ඉදිකොට එම නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීම පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) සිදුවිණි.
මෙලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමින් ඉදිකෙරෙමින් පවතින නිවාස අතරින් වැඩ අවසන් වූ නිවාස පියවරෙන් පියවර එහි ප්‍රතිලාභී පවුල් වෙත ලබාදීම සිදුවන බවත් අලුතින් හඳුනාගෙන ඉදිවෙමින් පවතින සෙසු නිවාස මේ වසර අවසන් වීමට ප්‍රථම එම ප්‍රතිලාභී පවුල් වෙත පිරිනැමීමට නියමිත බවත් අමාත්‍ය අබයරත්න මහතා දන්වා සිටී.
ග්‍රාම නිලධාරීන් ඇතුළු ගමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ග්‍රාමීය කමිටු මගින් තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී නිවාස අහිමි පවුල් ඒකක පිළිබඳව ප්‍රදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශය ලැබුණු පවුල් මෙම නිවාස ප්‍රතිලාභීන් ලෙස සලකනු ලබයි.
මෙම අවස්ථාවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආලෝක බණ්ඩාර, උප සභාපති ඉමල්ක දිල්ශාන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සකුන් මංචනායක සහ ආරච්ච්කට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලාන් ධනුෂ්ක, පල්ලම ප්‍රාදේශීය ලේකම්, පල්ලම පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.


