ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ නීති ආධාර සැපයීම සඳහා ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව සංවිධානය කළ නීති ආධාර පිළිබඳ සංවාදයක් අද (20) කොළඹදී ආරම්භ කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණය, විශ්ව විද්‍යාල, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ඇතුලු විවිධ ජාතික පාර්ශ්වකරුවන් සහභාගි වෙයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද 'යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE)' යුරෝපා සංගමය මුල්‍ය පහසුකම් සපයනු ලබන මෙම සංවාදය අධිකරණ ක්ෂේත්‍රය තුළ පරාවර්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාවය සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරයි.
මෙම වැඩසටහන මඟින් නිතී ආධාර පිළිබඳ සාකච්ඡා සහ විශේෂඥ අදහස් බෙදා ගනිමින් සහභාගිවන්නන් අතර නීති ආධාර සම්බන්ධයෙන් සහ අයිතිවාසිකම් මත පදනම් වූ රාජ්‍ය සේවාවක් බවට පරිවර්තනය කළ හැකි ආකාරය ගවේෂණය කරනු ඇත. විශේෂයෙන් වඩාත් අවදානමට ලක් වු ප්‍රජාවන් වෙනුවෙන් නීති ආධාර ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම මෙම සංවාදයේ තවත් අරමුණකි.


