Rebuilding Sri Lanka වැඩසටහනට Doosan Bobcat India Pvt Ltd වෙතින් රුපියල් මිලියන 22ක් වටිනා බැකෝ ලෝඩර් යන්ත්‍රයක්

Rebuilding Sri Lanka වැඩසටහනට Doosan Bobcat India Pvt Ltd වෙතින් රුපියල් මිලියන 22ක් වටිනා බැකෝ ලෝඩර් යන්ත්‍රයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවයළි  ගොඩනැඟීම වෙනුවෙන්  රජය ආරම්භ කර තිබෙන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට Doosan Bobcat India Pvt Ltd වෙතින් රුපියල් මිලියන 22ක් වටිනා B760 වර්ගයේ බැකෝ ලෝඩර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ ලිපි ලේඛන Doosan Bobcat India Pvt Ltdහි කළමනාකාර අධ්‍යක්ෂ Suk Namkoong සහ CCom Equipment Pvt Ltdහි සභාපති ක්‍රිස්ටි ඇරව්වල යන මහත්වරුන් විසින් ජනාධිපති කාර්යාලයේදී අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ, ඉන්දියාවේ සහ සාර්ක් සමාගමේ අලෙවි ප්‍රධානී අනීස් කුන්නුම්මාල් (Aneesh Kunnummal), Edward & Christie සමාගමේ සාමාන්‍යාධිකාරි විජිත පතිරණ,  CCom නියෝජනය කරමින් ජයන්ත පුෂ්පකුමාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.