දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ‘Rebuilding Sri Lanka’ අරමුදලට Automobile Association of Ceylon විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත Automobile Association of Ceylon සභාපති ධම්මික ආටිගල මහතා විසින් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.
Automobile Association of Ceylonහි ලේකම් දේවප්රිය හෙට්ටිආරච්චි, Automobile Association of Ceylon සාමාජිකයන් වන පී. බී. කුලතුංග, එල්. ඩබ්ලිව්. ද සොයිසා ගුණරත්න, පී.එච්. ලියනගේ, ඉඳුනිල් උදය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


