2025 (2026) අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අද ආරම්භ වෙයි.

2025 (2026) අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අද ආරම්භ වෙයි.
අද දින සිට ඉදිරි දින වල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති තනතුර හැර ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු සියලු ශ්‍රේණි සදහා සේවක අන්තර්ග්‍රහණ කිරීම් අද (16) සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුලදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියහ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ තිබේ.
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
අධි සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද අඩවියේ කැළි කසළ ඉවත් කිරිමේ “සමනොළ සිරි හරිත වන්දනා ජාතික වැඩසටහන “ මෙම මස 19 වැනි දින ආරම්භ කෙරෙන බව ජනාධිපති අතිරේක ලේකම් එස් .පී.සී .සුගීෂ්වර මහතා පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගය රට පුරා මධ්‍යස්ථාන 3545 කදී හෙට (17) සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කරයි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" නව්‍ය වැඩසටහන යටතේ වතමන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාලවූ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා නැවත අද (16) සිට ඇරඹෙයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.