පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා යළි ඇරඹේ

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා යළි ඇරඹේ
  • SocialShare:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාලවූ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා නැවත අද (16) සිට ඇරඹෙයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි නිසා තාවකාලිකව නවතා තිබූ පුත්තලම මාර්ගයේ මගී දුම්රිය ධාවනය අදියර කීපයක් යටතේ මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය, කුඩාවැව යන දුම්රිය ස්ථාන දක්වා දීර්ඝ කර ඇත.

හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තළු ඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා යාම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්‍රෙද්ශයේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්‍රෙද්ශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යාම වැනි බරපතල ආපදා හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයට සීමා කර තිබූ මෙම මාර්ගයේ දුම්රිය ධාවනය එම බිඳවැටීම් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව 2026/02/16 එනම් අද සිට කොළඹ කොටුව සිට පුත්තලම දක්වා දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

මේ වන තෙක් හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබූ දුම්රිය ධාවනය අද සිට පුත්තලම දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කෙරේ. ඒ අනූව පුත්තලම මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර පහත පරිදි මගී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

කොළඹ කොටුව සිට පුත්තලම දක්වා

දුම්රිය අංකය

කොළඹ කොටුවෙන් පිටත්වීම

පුත්තලමට ළගාවීම

3417

පෙරවරු 11.55

පස්වරු 15.59

3427

පස්වරු 17.18

පස්වරු 21.05

පුත්තලම සිට කොළඹ කොටුව දක්වා

දුම්රිය අංකය

පුත්තලමෙන් පිටත්වීම

කොළඹ කොටුවට ළගාවීම

3808

පෙරවරු 04.30

පෙරවරු 08.15

3817

පෙරවරු 09.50

පස්වරු 14.24