පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකියි - අගමැති

පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකියි  -  අගමැති
  • SocialShare:

පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අදට යෙදෙන මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරියගේ මහා ශිව රාත්‍රීදින සුබ පැතුම් පණිවුඩය පහත දැක් වේ.
මහා ශිවරාත්‍රී දින පණිවුඩය
මහා ශිවරාත්‍රී දිනය සමරනු ලබන ශ්‍රී ලංකාවාසී මෙන් ම ලොව පුරා වෙසෙන සමස්ත හින්දු බැතිමතුන් වෙත මගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.
අවිද්‍යාව පරදා ප්‍රඥාවත්, අන්ධකාරය පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන මහා ශිවරාත්‍රිය, ආධ්‍යාත්මික විනය සහ අභ්‍යන්තර සාමය උදාකර දෙන උතුම් දිනයකි. බහුවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ අපේ සමාජය තුළ, පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව මෙම උත්සවය අපට සිහිපත් කර දෙයි.
බැතිමතුන් යාඥාවෙන් සහ භාවනාවෙන් ගත කරන මෙම ශිව රාත්‍රී දිනයේදී, වඩා සාමකාමී සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට අදිටන් කරගත යුතු බව මගේ හැඟීමයි.
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ සැමට සෞභාග්‍යය සහ සාමය උදා වේවා!
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය