ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියට World Bank Group වෙතින් ඩොලර් මිලියන 50ක SDR අරමුදල්

ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියට World Bank Group වෙතින් ඩොලර් මිලියන 50ක SDR අරමුදල්
  • SocialShare:

ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025–2030) යටතේ රාජ්‍ය සේවා නවීකරණය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා World Bank Group වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන SDR අරමුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.


ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම GovTech Sri Lanka විසින් සිදුකරන අතර ප්‍රතිපත්ති අධීක්ෂණය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත පැවරී ඇත.

ඒ අනුව ලෝක බැංකුව වෙතින් අදාළ අරමුදල් පහසුකම ලබා ගැනීමසඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත