පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වන සංවත්සරය නිමිත්තෙන් “නිදහස් අලි අරණ” විවෘත කෙරේ

පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වන සංවත්සරය නිමිත්තෙන් “නිදහස් අලි අරණ” විවෘත කෙරේ
  • SocialShare:

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (16) සිය 51 වන සංවත්සරය සමරනු ලැබීය.

ඒ නිමිත්තෙන් වැඩිහිටි පිරිමි අලින් සඳහා නවීන සත්ව සුභසාධන සංකල්පයන්ට අනුගතව ඉදිකළ “නිදහස් අලි අරණ” නව පහසුකම් සංකීර්ණයද අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදී.

ආසියානු පිරිමි අලින් ලිංගික පරිණත්වයට පැමිණෙන “මද” (musth) ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදය තුළ ඔවුන් ආරක්ෂිතව සහ විධිමත් ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වන අතර, එම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම මධ්‍යස්ථානය විශේෂයෙන් සැලසුම් කර තිබේ.

වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියට අයත් "සොබාමත් ශ්‍රී ලංකාවක්" - යටතේ, තිරසර ⁣⁣ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්, තේමාව රැගත් සමරු කාඩ් පතද පෙරපාසල් දරුවන් වෙත ලබා දීම පිණිස පිරිනැමීම අද පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ සිදු විය.

අලි රැකවරණ තාක්ෂණය හා විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයන් තවදුරටත් දියුණු කිරීම මෙම  මධ්‍යස්ථානයේ අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.