ජාතික පාසල් ගුරු බඳවා ගැනීම් දිනය වෙනස් කිරීම පිළිබඳ සලකා බලනවා – ඇමති විජිත හේරත්

ජාතික පාසල් ගුරු බඳවා ගැනීම් දිනය වෙනස් කිරීම පිළිබඳ සලකා බලනවා – ඇමති  විජිත හේරත්
  • SocialShare:

ජාතික පාසල් සඳහා ගුරුවරු බඳවා ගැනීමට අදාළ නඩු තීන්දුවේ සඳහන් දිනය වෙනස් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය සලකා බලා අලුත් ගැසට් එකක් නිකුත් කරනු ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17)  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

තිබෙනවා එම දිනය පිළිබඳ සලකා බලන්නැයි විශාල පිරිසකගේ ඉල්ලීමක් ඇතැයිද හෙතෙම පැවසීය. නඩු තීන්දුවේ සඳහන් දිනය අනුව මුලින් ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර, එම දිනය පිළිබඳ විශාල පිරිසකගෙන් ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය එම ඉල්ලීම් සලකා බලා අවශ්‍ය තීරණයක් ගෙන අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.