සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සුවතාවය උදෙසා පවත්වන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් වැඩසටහනක් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වුණි.
මෙම වැඩසටහනේදී බටහිර වෛද්‍ය, අක්ෂි, දන්ත, ආයුර්වේද, මානසික උපදේශන, රුධිර පීඩන සහ සීනි පරීක්ෂා, කොලස්ටරෝල් පරීක්ෂාව, පෝෂණ උපදෙස් සහ නොමිලේ ඖෂධ ඇතුළු සේවා ලබා දුන් අතර ජනාධිපති කාර්යාලයේ විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.
මෙම වැඩසටහන, Healthy Sri Lanka යන තේමාව යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව වැඩපිළිවෙලක් යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන 55 වන ජංගම සුව සායන වැඩසටහන වේ.
හඳුනාගත් රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කරන ලදී. කොළඹ ජාතික රෝහල ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ කාර්ය මණ්ඩලයගේ සහභාගීත්වයෙන් සායනය සාර්ථකව නිමාවට පත් විය.


