එළඹෙන කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා උපදෙස් ලබා දී ඇත.

එළඹෙන කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා උපදෙස් ලබා දී ඇත.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.
හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති වරප්‍රසාද සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණ ඇතිව ලංකා වාණිජ මණ්ඩලය හා ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා - බංගලාදේශ ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන හමුවක් අද (17 ) කොළඹදී පැවැත්වුණි.
පොසොන් උත්සවය සැමරුම් සමයේදී අනුරාධපුර සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ දැනුවත්කිරීම් සහ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කල අතර ඒ සදහා විශේෂ කණ්ඩායම්ද යොදවන ලදී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරන Vision වැඩසටහන් මාලාවට සමගාමීව නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අද (13) ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, නීති රීති මගින් පමණක් නොව අවබෝධයෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන්, බස් රථයේ කාර්මික දෝෂයක් හෝ වෙනත් රථයක ගැටීමක් පිළිබඳ අදාළ කමිටුවට අනාවරණ වී නොමැති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව සඳහන් කරයි.
ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ක්ලීන් ශ්‍රි ලංකා ජාතික වැඩසටහන යටතේ වෙරළ කලාප 100ක් උද්‍යාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන අද ආරම්භ වූ බව පරිසර නියෝජ් අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවේ.
පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (9) සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.