බදුල්ල-නානුඔය දුම්රිය ගමන් යළි ඇරඹේ

බදුල්ල-නානුඔය දුම්රිය ගමන් යළි ඇරඹේ
  • SocialShare:

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාව අද (20) සිට යළි ආරම්භ කර තිබේ.

අඹේවෙල සහ නානුඔය අතර පැරකුම්පුර ප්‍රදේශයේ නායයෑමකින් හානියට පත් දුම්රිය මාර්ගය දුම්රිය ඉංජිනේරුවන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් එක්ව පිළිසකර කිරීමෙන් අනතුරුව මෙම සේවාව යළි ක්‍රියාත්මක කෙරිණි.

නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව "පොඩි මැණිකේ" දුම්රිය අද උදෑසන බදුල්ල බලා ගමන් ආරම්භ කළේය.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.