බන්තු රේඛණ ශිල්පීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

බන්තු රේඛණ ශිල්පීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්
  • SocialShare:
බන්තු රේඛණ ශිල්පීන් මුහුණ දෙන කාර්ය මණ්ඩල හිඟය සහ වෘත්තීය ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

 

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා බන්තු රේඛණ ශිල්පීන්ගේ සංගමය අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අවධාරණය කෙරිණි.
මෙහිදී කාර්ය මණ්ඩල හිඟය, වැටුප් පරිමාණ, නිල නාමයන් සහ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ අතර, බන්තු රේඛණ ශිල්පී පුහුණු පාසල තවදුරටත් සංවර්ධනය කර මෙම වසර තුළ වැඩි අභ්යාසලාභීන් පිරිසක් බඳවා ගැනීමට තීරණය කර තිබේ