දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර ජීවන තත්ත්වයක් උදා කරදීමේ අරමුණින් ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී පැවැත්විණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්කවත්ත ප්‍රදේශයෙන් අක්කර 30ක භූමි ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් වෙන්කර දී ඇති අතර, පවුල් 114ක් එහි ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන තිබේ. එම සියලු පවුල් සඳහා නිවාස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට නියමිත අතර, මූලික අදියර යටතේ ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි


