මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා පවසයි.

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා පවසයි.
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
2020 වසරේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යෙදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන , විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම ආනයනයට අවසර ලබා දෙමින් 2421/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත
“සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මඟී ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා, ඉදිරියේ දී සුවපහසු නව බස් රථ 1,000ක් එක්කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
77 වැනි නිදහස් දින සමරු උළෙල අවම පිරිවැයකින් අභිමානවත්ව පැවැත් විමට සියල්ල සූදානම් බවත්, මෙවර උත්සවය පිරිවැය අවම කර ගනිමින්, අභිමානය සහ ගාම්භීරත්වය ආරක්ෂා කරගනිමින් පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා පැවසීය. ලේකම්වරයා මේ බව පැවසුවේ 77 වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමසඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ලංකා සතොස ආයතනය මඟින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයන්හි විශේෂ මිල අඩු කිරීම සම්බන්ධව ලංකා සතොස ලිමිටඩ් (සතොස) ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා පැවසීය.
අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ඊයේ(29) වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීමට 071 40 33300 whatsapp අංකයක් ද හඳුන්වා දී තිබේ.
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇත.
2025 ජනවාරි මස 01 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ සමාජිකත්වය මාධ්‍යවේදීන්ට ලබා දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.