ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවේ.

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවේ.
‘කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන’ යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල, ‘පර්ල් සිටි රෙසිඩන්සීස්’ නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්‍ර ප්රදානය කිරීම අද(06) සිදුකෙරිණ.
අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහි මූලික පියවරක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නර්ඩ් ආයතනයේ දී පැවැත්විණි.
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම අද සිට (02) ආරම්භ වේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.
ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයේ තාක්ෂණික මැදිහත්වීමෙන් RD පලතුරු නිෂ්පාදන සමාගමෙහි පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(30) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්ු සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ, බොරගොඩවත්ත පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
කොට්ටාව මාලපල්ල ඉදිකෙරෙන නිවාස සංකීර්ණයේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අද (28) එක් විය.
පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බවත්, තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බවත්, එවැන්නක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මේ පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (27) පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ළමුන් යනු රජයක මූලික වගකීමක් බවත්, ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තැබීමෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් බැදී සිටින බවත්, එබැවින් එම වගකීම රජයට මෙන්ම පාසල් පද්ධතිය භාරව කටයුතු කරන රජයේ නියෝජිතයන් වන සියලුම නිලධරයන්ටත් පැවරෙන බවත් පෙන්වා දුන්නා ය.
මෑතක සිට වර්තා වන ළමා අපයෝජන දෙස බැලීමේ දී, පාසල් පද්ධතිය තුළ දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ළමා අපයෝජනවල සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, එහෙත් නිවස මෙන් ම පාසල ද දරුවන්ට ආරක්ෂිත හා හිතකර පරිසරයන් විය යුතුව ඇතිබවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දෙමාපියන් දරුවන් පාසල් යවන්නේ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් කෙරෙහි ඇති විශ්වාස මත බවත්, එබැවින් පාසල දරුවාට කිසිසේත් ම අනාරක්ෂිත ස්ථානයක් බවට පත් නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.
පාසල් පද්ධතිය තුළ, ළමුන්ට එරෙහිව සිදු වන කුමන ආකාරයක හෝ හිංසනයන් තව දුරටත් සිදු නොවිය යුතු බවත්, පාසල තුළ දී දරුවා මුහුණ දෙන්නේ ශාරීරික අපයෝජනයකට වුවත්, ලිංගික අපයොජනයකට වුවත්, වෙනත් ආකාරයක නොසළකා හැරීමකට වුවත්, මානසික අපයෝජනයකට වුවත් එය සැඟවීම හෝ එය නොතකා කටයුතු කිරීම නොකළ යුතු බවත් පෙනුවා දුන් අග්‍රාමාත්‍යවරිය, එය සැඟවිය යුතු හෝ නොසලකා හැරිය යුත් කාරණාවක් නොව, පාසලේ ප්‍රධාන බලධරයා වශයෙන් විදුහල්පතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නාය.
එබඳු ක්‍රියා නොතකා හරිමින් කටයුතු කරන්නේ නම් එය සමස්ත පාසල් පද්ධතියේ ම අසාර්ථකත්වයට හේතු වන බැවින්, එවන් අවස්ථාවන්හි දී ඉතාමත් ඉක්මනින් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නා ය.ළමා අපයෝජනයට නසි ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වන සෑම විටකම ඊට මුහුණ පෑ දරුවාට ශාරීරිකව සහ මානසිකව ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදු වන බවත්, එබැවින් අවස්ථාවෝචිත මැදිහත්වීමකින් ජීවිතයක් බේරා ගැනීමටත්, ආත්ම ගෞරවය ආරක්ෂා කොට යුක්තිය සහතික කිරීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ අනෙකුත් නිලධාරීන් ළමුන්ට එරෙහි සියලුම ආකාරයේ ප්රචණ්ඩත්වයන් හඳුනා ගැනීමටත්, වැළැක්වීමට, වාර්තා කිරීමටත් අදාළ දැනුම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්රමෝපායන් පිළිබඳව දැනුම්වත් වීම ඉතාම වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නිරන්තරයෙන් දරුවන් සමඟ සම්බන්ධ වන ඔබ සියලු දෙනා ළමා අයිතිවාසිකම් පිළිබඳ වත්, නීතිමය ආරක්ෂණ ක්‍රම පිළිබඳ වත් දැන සිටිය යුතු බවත්, ළමා මනස තෙරුම් ගැනීමටත් දරුවන් සමඟ නිවරදිව කටයුතු කිරීමටත් උපකාරී වන ළමා මනෝවිද්‍යාව හදාරා තිබීමත් ඉතා ම වැදගත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දරුවන් තුළ ඇති වන පීඩාවන් හඳුනාගැනීමටත්, දරුවන් තුළ ඇති වන කම්පනය ඔවුන්ගේ ඉගෙනීමට බලපාන ආකාරය තේරුම් ගැනීමටත් දරුවන් වෙත ඉතාමත් සමීපව, සහකම්පනයෙන් යුතුව සැලකිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමට අධ්‍යාපන ක්ෂේත්රය තුළ සේවය කරන නිලධාරින් පුහුණුව ලබා තිබීම මෙන් ම අවශ්‍ය අවස්ථාවේ දී එම දැනුම භාවිතයට තැනීමත් ඉතා වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ළමා ආරක්ෂණය පිළිබඳ ව රජයේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් වැඩි අවධානයක් යොමු කරඇති බවත්, දරුවන්ට එරෙහි අපයෝජන සහ සියලු ආකාරයේ හිංසනයන්ගෙන් දරුවන්ව ආරක්ෂා කිරීම එහි මූලික අරමුණ වශයෙන් සඳහන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට විනිසුරු, එල්.ටී. බී. දෙහිදෙනිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා, කොමසාරිස් මහාචාර්ය ටී. තනරාජ්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ති ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විදුහල්පතිවරුන් මෙම අවස්ථාවට සහභාගී විය.
“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලාංකීය සිනමා වංශයේ අවිවාදිත “අභිධානයක්” වූ, “නිලි රැජිණ” නම් වදනින් සම්මානිත, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමුගන්නා මෙම සංවේගජනක අවස්ථාවේ මාගේද ආචාරය ඇයට පුදකිරීමට ඔබෙන් අවසර පතමි.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.