All Stories

අදියර තුන යටතේ මෝටර් රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තිබූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම

2020 වසරේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යෙදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන , විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම ආනයනයට අවසර ලබා දෙමින් 2421/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත

අදියර තුන යටතේ මෝටර් රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන්  තිබූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම

“සුවසැරිය” ගිලන් රථ සේවාව සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක්.

 “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

“සුවසැරිය” ගිලන් රථ සේවාව සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක්.

පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට සුවපහසු බස් රථ දහසක්

මඟී ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා, ඉදිරියේ දී සුවපහසු නව බස් රථ 1,000ක් එක්කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්  වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට සුවපහසු බස් රථ දහසක්

77 වැනි නිදහස් දින සමරු උළෙල අවම පිරිවැයකින් අභිමානවත්ව පැවැත්විමට සියල්ල සූදානම්

77 වැනි නිදහස් දින සමරු උළෙල අවම පිරිවැයකින් අභිමානවත්ව පැවැත් විමට සියල්ල සූදානම් බවත්, මෙවර උත්සවය පිරිවැය අවම කර ගනිමින්, අභිමානය සහ ගාම්භීරත්වය ආරක්ෂා කරගනිමින් පවත්වන බව  පළාත් සභා සහ පළාත් පාලන ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා පැවසීය. ලේකම්වරයා මේ බව පැවසුවේ 77 වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමසඳහා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

77 වැනි නිදහස් දින සමරු උළෙල අවම පිරිවැයකින් අභිමානවත්ව පැවැත්විමට සියල්ල සූදානම්

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

ලංකා සතොස ආයතනය මඟින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයන්හි විශේෂ මිල අඩු කිරීම සම්බන්ධව ලංකා සතොස ලිමිටඩ් (සතොස) ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

නව රජය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතිනවා - ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා පැවසීය.

නව රජය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතිනවා - ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක

වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්වයකට ගෙන ඒ්ම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග

අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ඊයේ(29) වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්වයකට ගෙන ඒ්ම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග

ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීමට 071 40 33300 whatsapp අංකයක් ද හඳුන්වා දී තිබේ.

ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සමාජිකත්වය මාධ්‍යවේදීන්ට

2025 ජනවාරි මස 01 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ සමාජිකත්වය මාධ්‍යවේදීන්ට ලබා දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සමාජිකත්වය  මාධ්‍යවේදීන්ට

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කෙරේ

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්

නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.