උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය

උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය
  • SocialShare:
2026 අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.

 ඒ අනුව , ජාතික අධ්යාපන ආයතනය විසින් නිකුත් කර ඇති ගුරු මාර්ගෝපදේශ අනුව උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා අවශ්ය වන දින සංඛ්යාව 300ක් බව එහි සඳහන් වේ.

2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දිනයේ සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් වන අතර එය විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්ය දින සංඛ්යාවට වඩා වැඩි බවද පෙන්වා දී ඇත.
 
තවද, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින අපේක්ෂකයන් සඳහා පෙර විභාගයේ ප්රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා මාස 4ක් සහ දින 10ක කාල පරතරයක් ලැබී ඇති බවද සඳහන් කරයි.
 
ඒ අනුව, උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා ප්රමාණවත් කාලයක් සිසුන්ට හිමිව ඇති බැවින්, 2026 අගෝස්තු 10 වන දින ආරම්භ කිරීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කිරීමේ අවශ්යතාවයක් නොමැති බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්යාංශය සඳහන් කර තිබේ.