කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි මිහිඳු සෙන්පුර සහ සියපත් සෙවණ නිවාස සංකීර්ණවල ක්‍රියාත්මක කෙරෙන Metro Uplift ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එම මහල් නිවාස සංකීර්ණවල වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (20) ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මෙහිදී , නිවාස සංකීර්ණයන්හි ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය ස්ථාන හඳුනාගෙන ඒවා කඩිනමින් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ලදී.
ගිනි නිවන පද්ධති, ගිලා බැස ඇති පදික වේදිකා, මෑන්හෝල්, ජලාපවාහන හා කාණු පද්ධති, පොදු ප්‍රදේශවල විදුලි ආලෝකකරණය, කසල කළමනාකරණය, මායිම් තාප්ප, ආරක්ෂිත කැමරා පද්ධති සහ පොලිස් මුරපොළ ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
Metro Uplift ව්‍යාපෘතිය යටතේ දෙමටගොඩ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 249ක මුදලක් වැය කිරීමට නියමිත අතර සියපත් සෙවණ නිවාස සංකීර්ණය නවීකරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 66.8ක මුදලක් වෙන් කර ඇත.
මීට අමතරව නිවාස සංකීර්ණ දෙකෙහිම මලාපවාහන පද්ධති අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 203ක මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන Metro Uplift වැඩසටහන මඟින් කොළඹ නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ගේ ජීවන තත්වය උසස් කිරීම මෙහි අරමුණ වේ.


