බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයකි.බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පසුගියදා (10) පැවැත් විණි.“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන්න මෙවර වෙසක් දින තේමාවයි.
රාජ්‍ය වෙසක් සතිය ලබන 16 වැනිදා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ.