ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක් පිරිනැමීමට අදාල නිපුණතාව පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද (15) දිවයිනේ සියළුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලදී සිදුකරන ලදි.


