මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්
  • SocialShare:

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කරන ලද යෝජනාවට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව් ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

පසුගිය මැයි 17 වනදා පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති බව සඳහන් වේ.