2026 අයවැය ඔක්තොම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට

2026 අයවැය ඔක්තොම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට
  • SocialShare:

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව , 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මාසයේ දී සිදුකිරීමටත්, තෙවන වර කියවීමේ විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැත්වීමටත් හැකි වන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

"නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම" යන තේමාව පදනම් කර ගනිමින් 2026–2030 රාජ්‍ය මුල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපත්ති රාමුව වන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය.

2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ඇතුළත් ප්‍රමුඛතාවන් සහ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන් කෙරෙහි මූලිකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.