'Starlink' සැටලයිට් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට

'Starlink' සැටලයිට් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට
  • SocialShare:

Starlink සැටලයිට් අන්තර්ජාල පහසුකම මෙම මස සිට මෙරට පාරිභෝගිකයින්ට ලබා දෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මා‍ර්ෂල් බන්දුල හේරත් මහතා මෙරට තුළ Starlink සේවාව ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ කළේය.

අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව ඉදිරියේදී ඔවුන්ගේ සේවාව මෙරට පාරිභෝගිකයන් වෙත සැපයීම සඳහා ඔවුන්ගේ පළමු උපකරණ කට්ටල් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මඟින් අවසර ලබා දී ඇත. මෙම සේවාව මෙරටට ලබාදීම තුළින් අන්තර්ජාල පහසුකම් වර්ධනය වීම ඔස්සේ මෙරට ඉදිරි ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.